ජනපති කටාර් සංචාරයක

  👤  2248 readers have read this article !
Published by : MB WEB 2017-10-24 10:03:11

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටාර් රාජ්‍යයෙහි සිවු දින නිල සංචාරයක් සඳහා අද (24දා) දිවයිනෙන් පිටත් වීමට නියමිතය.එම නිල සංචාරයේදී කටාර් රාජ්‍යයෙහි රජු ඇතුළු රාජ්‍ය නායකයන් පිරිසක් හමුවීමට නියමිතය.

ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ ද්විපාර්ශ්වීය සබඳතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් වූ ගිවිසුම් කිහිපයකටද මෙම සංචාරයේදී අස්සන් කිරීමට නියමිතය.

තවද අම්පාර දිස්ත්‍රික්කයේ මහ පරිමාණ ජල යෝජනා ක්‍රමයක් ඇති කිරීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා සහ කටාර් රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙම නිල සංචාරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාපා, රවුෆ් හකීම්, රාජිත සේනාරත්න, මන්ත්‍රි මුජිබර් රහුමන් සහ අසාද් සාලි යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon