ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නොවැ: 8දා සිට 10දා දක්වා දියගමදී

  👤  2029 readers have read this article !
Published by : MB WEB 2017-10-24 12:35:03

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී මත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නොවැම්බර් 8, 9 සහ 10 යන දිනවලදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය ආශි්‍රතව ඔක්තෝබර් මස 27, 28 සහ 29 යන දිනවල පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණද පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය නිසා එම තරගාවලිය දියගමදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර වයස අවුරුදු 12න්, 14න්, 15න් සහ 16න් පහළ බාලක/බාලිකා වශයෙන් වයස් කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon