දැල්පන්දුව යළි ගොඩගැනීමේ ප්‍රධාන මෙහෙයුම අදයි

  👤  2023 readers have read this article !
Published by : MB WEB 2017-10-25 10:17:17

මේ වනවිට ලෝක ශේ්‍රණිගත කිරීම්හි පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා දැල්පන්දුව ගොඩගැනීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා දැල්පන්දුව යළි ඉහළට නංවාලීම පිණිස ක්‍රියාත්මක වන සම්මන්ත්‍රණයක් අද (25දා) පෙරවරු 8.30 සිට කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

දිවයින පුරා ඇති දැල්පන්දු සංගම්වල සභාපතිවරියන්, ලේකම්වරියන්, දැල්පන්දු පුහුණුකාරිනියන්, දැල්පන්දු ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්, අනුග්‍රාහකයන්, මාධ්‍යවේදීන් යන සියලු දෙනාගේම අදහස් හා යෝජනා මෙහිදී සලකා බැලෙන අතර, මෙම සියලු දේවලින්ම අපේක්‍ෂාව වී ඇත්තේ 2009 වසරේදී ලොව ශේ්‍රණිගත කිරීම්හි සිටි ස්ථානය නැවත ලබාගැනීමය.

ඒ අනුව 2009 වසරේදී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතාව දිනාගත් අතර, එම වසරේදී ලොව ශේ්‍රණිගත කිරීම්හි 14වැනි ස්ථානය හිමිකරගෙන ඇති නමුත් මේ වනවිට 26වැනි ස්ථානයට පහළට ඇද වැටී තිබේ. සියලු දෙනාගේම අදහස් යෝජනා සමඟින් මෙම ඇද වැටීමට පිළියම් යොදා ලබන වසරේදී ආසියානු ශූරතාව දිනාගැනීම මෙන්ම 2019 වසරේදී ලෝක දැල්පන්දු තරගාවලියේදී 2009 වසරේ සිටි ගෞරව සම්පන්න බව නැවතත් ලබාගැනීම ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ අපේක්‍ෂාව වී ඇති බව ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනි යසා රාමචන්ද්‍ර මහත්මිය "මව්බිම"ට පැවැසුවාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon