සුපිරි තරු හෙට මීගමුවට පායයි

  👤  1874 readers have read this article !
Published by : MB WEB 2017-10-25 14:20:23

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කරනු ලබන කෙටිදුර ජාතික පිහිනුම් ශූරතාවලිය ශ්‍රී ලංකාවේ සුපිරි පිහිනුම් ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙවර මීගමුව ලොයොලා විදුහල් ගෘහස්ථ පිහිනුම් තටාකයේදී හෙට (26දා) සිට 29 දා දක්වා පැවැත්වීමට නියමිතය.
මීටර් 25 පිහිනුම් තටාකයක පැවැත්වෙන මෙම තරගාවලියේදී ජේ‍යෂ්ඨ තරගාවලියට අමතරව අවුරුදු 15න් පහළ කනිෂ්ඨ තරගාවලියක්ද පැවැත්වීමට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ නම් දැරූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් වන කිමිකෝ රහීම්, කයිල් අබේසිංහ, අකලංක පීරිස්, චෙරන්ත ද සිල්වා, විනෝලි කළුආරච්චි, රමුදි සමරකෝන් මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත්වීමට නියමිතව ඇති බවද පැවැසේ.

කෙසේ වෙතත් පසුගිය වසරේදී ඉන්දියාවේ ගුවාතිහි පැවැති දකුණු ආසියානු උළෙලේ පිහිනුම් තරගාවලිදී රන් පදක්කම් 5ක් හා එක් රිදී පදක්කමක් දිනාගත් කිමිකෝ රහීම් පිළිබඳවත් මේ වසරේ බහමාස්හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වලදී රිදී පදක්කම් දෙකක් දිනාගත් කයිල් අබේසිංහ මෙන්ම අකලංක පීරිස් මෙවර වාර්තා කිහිපයක් එක්කරනු ඇතැයි බොහෝ දෙනකුගේ අදහස වී ඇත

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon