17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී එංගලන්තය හා ස්පාඤ්ඤය අවසන් තරගයට

  👤  1514 readers have read this article !
Published by : MB WEB 2017-10-27 11:31:41

17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට එංගලන්තය හා ස්පාඤ්ඤය සමත් විය. අවසන් පූර්ව තරග වටයේදී ගෝල 3-1ක් ලෙස එංගලන්තය විසින් බ්‍රසීලය පරාජයට පත්කරන ලද අතර ස්පාඤ්ඤය ඉදිරියේ ගෝල 3-1ක් ලෙස මාලි රාජ්‍ය කණ්ඩායම පරාජයට පත්විය.

එංගලන්ත-බ්‍රසීල තරගයේදී එංගලන්තය වෙනුවෙන් වාර්තා වූ ගෝල 3ම රියන් බ්‍රෘස්ටර් ලබා ගත් අතර බ්‍රසීලය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ලබා ගැනීමට වෙස්ලි සමත් විය. අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තය විසින් ඇමෙරිකා එක්සත් ජනපදය පරාජය කළ අතර බ්‍රසීලය විසින් ජර්මනිය පරදා අවසන් පූර්ව වටයට තේරි පත්විය.

ස්පාඤ්ඤ-මාලි තරගයේදී ස්පාඤ්ඤය වෙනුවෙන් ඇබෙල් රුයිස් ගෝල 2ක් ද ෆෙරන් විසින් ගෝලයක් ද ලබා ගත් අතර මාලි රාජ්‍යය වෙනුවෙන් වාර්තා වූ ගෝලය එල්. එන්ඩියායේ ලබා ගත්තේය. අර්ධ අවසන් පූර්ව වටයේදී ස්පාඤ්ඤය විසින් ඉරානය පරාජය කළ අතර මාලි රාජ්‍යය විසින් ඝානා පරදා අවසන් පූර්ව වටයට තේරි පත්විය.

එංගලන්ත-ස්පාඤ්ඤ අවසන් මහා තරගය හා තුන් වැනි ස්ථානය සඳහා බ්‍රසීලය-මාලි අතර තරගය ලබන හෙට (28දා) කොල්කටා හීදි පැවැත්වේ.

සටහන - සඳරු පෙරේරා

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon