65 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී ජයග්‍රාහකයන්ට ලක්ෂ 7ක තෑගි මල්ලක්

  👤  1520 readers have read this article !
Published by : MB WEB 2017-10-27 13:41:40

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය 65 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය නොවැම්බර් 1 වැනිදා සිට 5 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට නියමිතය.

පෙර වසරවලට සාපේක්‍ෂව මෙවර තරගාවලිය ඉතාමත් ඉහළ මට්ටමකට පැවැත්වීමට බැඩ්මින්ටන් සංගමය සූදානම් වන අතර, දැනට බැඩ්මින්ටන් සංගමයේ ලේකම්වරයාගේ කාර්ය සිදුකරන ලබන ක්ලැරන්ස් හෝමර් මහතා මෙවර තරගාවලිය පිළිබඳව "මව්බිම"ට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුවේ තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා මෙයට පෙර උපරිම ත්‍යාග මුදල වශයෙන් රුපියල් ලක්‍ෂ 5ක් ලබා දුන්නද එය ලක්‍ෂ 7 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවය.

මෙම තරගාවලිය 65 වැනි වරටත් පැවැත්වෙන බැවින් විවෘත කේවල කාන්තා හා පිරිමි ශූරතා දිනාගන්නා ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට මුදලින් රුපියල් 65,000 බැගින් පිරිනැමෙන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් යොනෙක්ස් අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම ශේ්‍රණිගත කිරීමේ තරගාවලිය වන බැවින් මෙවර තරගාවලිය සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ බැඩ්මින්ටන් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සියලු දෙනාම සහභාගිවීමට නියමිතව ඇති බවද හෝමර් මහතා කීය.

ඒ අනුව නිලුක, දිනුක, දිලුක, චාමික යන කරුණාරත්න පවුලේ සොහොයුරන් හා සචින් ඩයස්, බුවනෙක ගුණතිලක, රන්තුෂ්ක සසිඳු, හසිත චානක යන ක්‍රීඩකයන්ද, තිළිණි හෙන්දහේවා, අචිනි රත්නසිරි, උපුලි සමන්තිකා, ලේඛා ෂෙහානි, කවිඳි ඉෂාදිකා, කාවින්දිකා බිනරි, නදීෂා ගයත්‍රි යන ක්‍රීඩිකාවන්ද මෙවර තරගාවලියට එක්වීමට නියමිතව ඇති බැවින් දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වී තිබේ.

මේ අතර මෙම තරගාවලියට සමගාමීව අවුරුදු 13න්, 15න්, 17න් හා 19න් පහළ තරග ඉසව් ඇතුළත් කනිෂ්ඨ තරගාලියක්ද පැවැත්වේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon