පරිසරයට ගැළපෙන ගෙවල් හදන්න අතීතයට යමු

  👤  1630 readers have read this article !
Published by : MB WEB 2017-10-31 15:34:48

ගෘහ නිර්මාණ ශිල්පීන් ලොව පැරැණිතම ගොඩනැඟිලි සෑදීමේ අමුද්‍රව්‍යයක් නැවත වරක් භාවිත කිරීමට පෙලඹී තිබෙන්නේ දැන් ලොව පැන නැඟීී පවතින අලුත් ප්‍රශ්නයක්, එනම් පරිසරයට හානි නොවන පරිදි ගෙවල් සෑදීමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි.

ලන්ඩන්හි ඉදිකිරීම් ආයතනයක් පවසන්නේ තිරසාර දැව භාවිතයට නගරයේ දැවෙන නිවාස ප්‍රශ්නයට කාබන් විමෝචනය අඩු කරමින් විසඳුමක් ඉදිරිපත් කළ හැකි බවයි. වර්තමානයේ ගොඩනැඟිලි සෑදීමට ගන්නා අමුද්‍රව්‍යවලින් 80%ක්ම කාලගුණ විපර්යාසයට බලපාන අතර කාබන් විමෝචනයට කෙළින්ම බලපායි.

එක්සත් රාජධානියේ කාබන් විමෝචනයෙන් 45%කටම දායක වන්නේ එහි ගොඩනැඟිලි තනා ඇති අමුද්‍රව්‍යයි.

Cross laminated timber (CLT), නම් යන්ත්‍ර නිර්මාණ ශිල්පියෙක් පදම් කළ දැව වර්ගයකින් ඔවුන් ඉතා විශාල ගොඩනැඟිලි පද්ධතියක් සෑදීම ආරම්භ කර තිබෙනවා. මෙය දැනට මෙවැනි ඉන්ජිනේරු තාක්ෂණයෙන් නැවත සෑදුණු අමු දැව වර්ගයකින් ගොඩනැඟෙන ලොව විශාලම ගොඩනැඟිලි සංකීර්ණයයි.

දැව නිසා ගින්නක් ඇති වුණොත් මොකද වෙන්නේ?

පාඨක ඔබට එම ප්‍රශ්නය නැඟෙන්නට පුළුවන්. නමුත් ගෘහ නිර්මාණ ශිල්පීන් පවසන පරිදි මෙම දැව නිමවා ඇත්තේ ගිනි නොඇවිළෙන ලෙසයි. මෙම දැව වර්ගයට සිමෙන්ති හෝ වානේ මෙන්ම ශක්තියක් ඇති ලෙස සකසා තිබෙනවා. ඔබ මෙම ඡායාරූපයේ දකින්නේ ඉදිවෙමින් පවතින එම ගොඩනැඟිලි සංකීර්ණයයි.

දැව, සිමෙන්ති හෝ වානේවලට වඩා පරිසරයට හිතකාමී වන්නේ ඒවාට බොහෝ සෙයින් ජලය සහ වැලි අවශ්‍ය වන බැවින් මෙන්ම ඒවා හරිතාගාර වායු පරිසරයට මුදා හරින බැවිනි.

ගස් යනු පිළිසකර කළ හැකි සම්පතක් මෙන්ම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ්, ඔක්ෂිජන්වලින් ප්‍රතිස්ථාපනයද කරයි. මේ සමාගම දැනට දැව ලබා ගන්නේ ඔස්ටි්‍රයාවේ තිරසාර ලෙස කළමනාකරණය වන වනාන්තරවලිනුයි.

මෙම දැව ගොඩනැඟිලිවල බිත්ති සහ පොළොව, කොන්ක්‍රීට්වලට වඩා තුනී බැවින් වැඩි අවකාශයක් ගොඩනැඟිලි තුළ ලබා දීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම පැනල්වල ගනත්වය උණුසුම පවත්වා ගැනීමට උපකාරී වන බැවින් විදුලි හෝ බලශක්ති වියදම් ඉතිරි කර ගැනීමටද හැකියාවක් ලැබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්