ශ්‍රීලනිපය තුළ චන්ද්‍රිකාට තනි තීරණ ගන්න බෑ

  👤  2166 readers have read this article !
Published by : MB WEB 2017-11-02 10:48:13

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තනි තීරණ ගන්නට නොහැකි බව සම කැබිනට් ප්‍රකාශක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.ඇමැතිවරයා එසේ කීවේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිපයත්, ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප කණ්ඩායමත් එක්ව තරග කිරීම සම්බන්ධයෙන් එම දෙපාර්ශ්වය අතර හෙට (03දා) පැවැත්වීමට නියමිත සාකච්ඡා නොපවත්වන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැඩි ලෙස විරෝධය පළ කරන බවට ලැබෙන ආරංචිය ගැන මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඊට සම්බන්ධ වන්නේ නම් තමන් ඊට සහභාගි නොවන බව දැනුම් දී ඇතැයි කියන ආරංචිය පිළිබඳ මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර ඇයට පක්ෂය තුළ තනි තීරණ ගත නොහැකි බව කීවේය.
හෙට (03දා) ජනාධිපති නිල නිවෙසේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා සඳහා ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලිපි යොමු කොට ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon