පුංචි ඡන්දය ජනවාරි 20-31 අතර

  👤  1922 readers have read this article !
Published by : MB WEB 2017-11-02 12:52:43

පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා කැඳවීම 2017 දෙසැම්බර් 11 සිට 20 දක්වාත් පළාත් පාලන මැතිවරණය 2018 ජනවාරි 20 සිට 31 අතර පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

එසේම ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයකදී පමණක් මැතිවරණය පවත්වන බවද හෙතෙම කියා සිටී.

නාම යෝජනා කැඳවීමේ දැන්වීම තේරීම් භාර නිලධාරියා විසින් නිකුත් කළ යුතුව ඇති අතර එය මෙම මස 27 දිනයෙන් ආරම්භ වන සතිය තුළදී නිකුත් කිරීමට උපදෙස් දී ඇති බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ඡන්ද විමසීම් පැවැත්වෙන නිශ්චිත දින නම් කිරීම ඉදිරි දිනවලදී පවත්වනු ලබන මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීම්වලදී තීරණය කරන බවද හෙතෙම කියා සිටී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon