පොලිස් නිලධාරියකුගේ විමර්ශනාත්මක හඹායෑම 'Ittefaq' දැන් රිදී තිරයේ

  👤  1722 readers have read this article !
Published by : MB WEB 2017-11-02 17:09:47

රුවින්ද වීරසිංහ 

බොලිවුඩයේ සුරූපී නිළි සෝනක්‍ෂි සින්හාගේ අපූර්ව රංගනයෙන් හැඩ වුණු නවතම චිත්‍රපටය තමයි 'Ittefaq' කියන්නේ.

ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක් ලෙසයි මෙය නිර්මාණය වී තිබෙන්නේ.

සාක්ෂි දෙකක් පමණක් හමුවූ ද්විත්ව ඝාතන සිදුවීමක් පිළිබඳ ඉන්දීය පොලිස් නිලධාරියකු සිදුකරන විමර්ශනාත්මක හඹායෑමක් පාදක කරගනිමින් තමයි මෙම චිත්‍රපටය ඉදිරියට ගලා යන්නේ.

ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ අබේ චොප්රාගේ අධ්‍යක්ෂණයක් වන මෙය කරන් ජොහාර්, ගවුරි කාන් ඇතුළු පිරිසකගේ නිෂ්පාදනයක්.

සෝනක්ෂිට අමතරව අක්ෂේ ඛන්නා සහ සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ අපූර්ව රංගනයෙන්ද හැඩ වී ඇති මෙම චිත්‍රපටය තිරගත වීම ඇරැඹීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 3 වැනිදා සිටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon