ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ ඔස්ට්‍රේලියානු අගමැතිගේ මහත් පැසසුමට
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ගෙනයන සංහිඳියා වැඩපිළිවෙළ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ මහත් පැසසුමට ලක්වෙයි.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අතර එහිදී මේ බව සඳහන් කෙරිණි.
මිනිස් ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන ක්‍රියාමාර්ග ද මෙහිදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.
ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් බැවින්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරට ඔවුන්ගේ ජාවාරම් කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිතා කිරීමට උත්සාහ දැරීම විශාල ගැටලුවක් වී ඇති බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළේය.
නුදුරු අනාගතයේ ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතු වෙනුවෙන් Stabicraft වර්ගයේ මුර යාත්‍රා තුනක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව සූදානමින් සිටින බවත්, ඉතා වේගයෙන් ගමන් කළ හැකි එම මුර යාත්‍රා ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක කටයුතුවලට ඉමහත් පිටිවහලක් සපයනු ඇති බවත්, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා දන්වා සිටියේය.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂක විද්‍යාලයක් පිහිටුවීමට සහ එහි පරිපාලන සහ විෂය නිර්දේශ සම්පාදනය කිරීමට වසර දෙකක කාලයක් සඳහා ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් මෙරටට එවීමට ඔස්ට්‍රේලියානු රජය සූදානමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර අද පෙරවරුවේ අත්සන් තැබුණු වෙළෙඳ හා ආයෝජන ගිවිසුම් තුළින් දෙරටේ ද්වීපාර්ශ්වික ආර්ථික හා වෙළෙඳ සබඳතා තව දුරටත් ශක්තිමත් වනු ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තානාපති සබඳතාවලට වසර 70 ක් සපිරෙන මේ අවස්ථාවේ මෙම සංචාරය තුළින් එම මිත්‍රත්වය තවත් ශක්තිමත් වනු ඇතැයි ද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීම පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට තම ස්තූතිය පිරිනැමීය.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ජනාධිපති මාධ්‍ය ඒකකය)
අද මව්බිමෙන්
- පලාලි නවීකරණය කරන්න අගමැතිගෙන් උපදෙස් 🕔2019-02-18
- මධුෂ් ඇතුළු 31 දෙනාට එරෙහි නඩුව 28දා යළි කැඳවයි 🕔2019-02-18
- ජිනීවා සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් පෙත්සම් 12ක් 🕔2019-02-18
- දකුණේ සීනියර් DIG කොළඹට මාරුවක් 🕔2019-02-18
- කථානායක වගකීමකින් ක්‍රියා නොකළ නිසා මැතිසබය නොසන්සුන් වුණා 🕔2019-02-18
- පොල්තෙල් නිපදවන, විකුණන තැන් 28දා තෙක් පරීක්ෂා කරනවා 🕔2019-02-18
- පළාත් ඡන්දය ගැන අවසන් තීරණය මේ සතියේ 🕔2019-02-18
- කරදර හිරිහැර දරාගන්න බැරි තැන නාවික හමුදා සෙබළිය එල්ලී මැරිලා 🕔2019-02-18
- පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රින්ගේ තැපැල් දීමනාව වැඩි කෙරේ 🕔2019-02-18
- අගමැතිගේ මුලතිව් සංචාරයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධතාවක 🕔2019-02-18
- ලංවිමට වසර 50ක් සපිරීමත් සමරා හෙට කිරිවෙහෙරේ පින්කම් රැසක් 🕔2019-02-18
- රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති 🕔2019-02-18
- 2 වැනි විශේෂමහාධිකරණයක් 🕔2019-02-18
- ලෝක බැංකු උප සභාපති ශ්‍රී ලංකාවේ දිළිඳු බව දිළිඳු වී ඇතැයි කියයි 🕔2019-02-18
- ජාතික ආණ්ඩු උත්සාහය ගෝලබාලයන්ට ඇමැතිකම් දෙන්න කරන උප්පරවැට්ටියක් 🕔2019-02-18
- පිටරටින් ගේන කිරිපිටිවල අඩංගු දෑ සොයන්න අපට හැකියාවක් නෑ 🕔2019-02-18
- හතළිස් හත්වැනි රාජ්‍ය නාට්‍ය උළෙල අද සිට මරදාන එල්ෆින්ස්ටන් හිදී 🕔2019-02-18
- 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව විපක්ෂ නායකට සංදේශයක් භාර දෙයි 🕔2019-02-18
- අනවසර හෝටලයක සාදයක් වටලා පොලිසිය තාක්ෂණ පරීක්ෂණයක 🕔2019-02-18
- බංග්ලාදේශ පුවත්පත් මණ්ඩල උත්සවයට මාධ්‍යවේදීහූ දෙදෙනෙක් සහ සභාපතිවරයා සහභාගි වෙති 🕔2019-02-18