යුද ආතතියට පත් ඇමෙරිකානු සොල්දාදුවන්ගේ ජිවිත අරගලය හොලිවුඩයට එයි

  👤  2037 readers have read this article !
Published by : MB WEB 2017-11-03 14:27:54

රුවින්ද වීරසිංහ

හොලිවුඩයට අලුතෙන් පිවිසුණු චිත්‍රපට අතර මේ දිනවල වැඩි කතාබහකට ලක් වෙමින් පවතින ඇමෙරිකානු සිනමා පටයක් තමයි "Thank You for Your Service" කියන්නේ. යුද්ධය මූලික කරගත් චරිතාපදාන චිත්‍රපටයක් විදියටයි මෙය වර්ග කර තිබෙන්නේ.

ඉරාකයේ සටන් භූමි තුළ කාලයක් පුරාවට යුද වැදීම හේතුවෙන් පශ්චාත් යුද ආතතියට ලක්වන ඇමෙරිකානු සොල්දාදුවන් තිදෙනකු යළිත් සිය පවුල සමඟ සාමාන්‍ය ජීවන රටාවට හුරු වීමට දරණ වෙහෙස පිළිබඳ වූ කතාවකින් මෙම චිත්‍රපටය ඉදිරියට ගලා යනවා.

Miles Teller, Haley Bennett සහ Beulah Koale අපූර්ව රංගනයෙන් හැඩ වුණු මෙම චිත්‍රපටය Jason Hallගේ අධ්‍යක්ෂණයක්. Jon Kilikගේ නිෂ්පාදනයක්ද වන මෙය තිරගත වීම ඇරඹුණේ මේ මස 27 වැනිදා සිටයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon