ශ්‍රී ලංකා-ඉන්දියා ටෙස්ට් තරගාවලිය ධනංජය හා මැතිව්ස් ටෙස්ට් සංචිතයට

  👤  1947 readers have read this article !
Published by : MB WEB 2017-11-03 13:45:52

එළැඹෙන ශ්‍රී ලංකා-ඉන්දීය ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා පසුගිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයට සහභාගි නොවූ ධනංජය ද සිල්වා සහ 2016 වසරේ මාර්තු මාසයේදී එක් ටෙස්ට් තරගයට පමණක් ක්‍රීඩා කර ඇති දසුන් ශානක නම් කර ඇත.

එසේම මේ මස 16දා සිට පැවැත්වෙන තරග තුනකින් සමන්විත ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයෙන් පසුගිය ටෙස්ට් තරගාවලියට ඇතුළත්ව සිටි කෞෂාල් සිල්වා සහ කුසල් මෙන්ඩිස් ඉවත් කර ඇතැයිද දැනගන්නට ඇත. තවද එම සංචාරයට ඇතුළත් වූ වේගපන්දු යවන නුවන් ප්‍රදීප්ගේ ආබාධිත තත්ත්වය තවමත් සුව නොවීම හේතුවෙන් ඉන්දීය සංචාරයට තෝරාගෙන නොමැති අතර, අසේල ගුණරත්නද තේරීම් සඳහා සලකා බලා නොමැත්තේ ඔහුගේ ආබාධිත තත්ත්වයද සම්පූර්ණයෙන්ම සුව වී නොමැති නිසා බව දැනගන්නට ඇත. තවද එළැඹෙන ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරගය 16දාත්, දෙවැනි තරගය 24දාත් ආරම්භ වන අතර, තුන්වැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ දෙසැම්බර් 2වැනිදා සිට 6දා දක්වාය.

තරග තුනකින් යුත් ශ්‍රී ලංකා-ඉන්දියා එක්දින තරගාවලිය දෙසැම්බර් 10දා සිට 17දා දක්වාත්, විස්සයි-20 තරග තුන දෙසැම්බර් 20-24 දක්වාත් පැවැත්වෙන අතර තෝරාගෙන ඇති ටෙස්ට් සංචිතය මෙසේය.

දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, රංගන හේරත්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු ගමගේ, ලක්‍ෂාන් සඳකැන්, දසුන් ශානක.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon