මෙම සති අන්තයේ කොළඹින් ඇරැඹෙයි

  👤  2006 readers have read this article !
Published by : MB WEB 2017-11-03 10:36:06

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලබන ඩයලොග් ලීග් "ඒ" කොටසේ රග්බි තරගාවලිය නොවැම්බර් හෙට (4දා) ආරම්භ වීමට නියමිතය.

පසුගිය වසරේ ශූරතාව දිනූ මහනුවර ක්‍රීඩා සමාජය සී.එච්. ඇන්ඩ් එෆ්.සී. සමඟින් හෙට (4දා) පස්වරු 4.00ට තරගාවලිය ආරම්භ කරමින් කොළඹ තුරඟ තරග පිටියේදී පළමු තරගයට පිවිසෙන අතර, එදිනම පස්වරු 6.30ට හැව්ලොක්ස් හා පොලිසිය අතර තරගයද එම පිටියේදීම පැවැත්වේ.

කෙසේ වෙතත් මෙම තරගාවලිය සදහා මහනුවර ක්‍රීඩා සමාජය, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී., සී.එච් ඇන්ඩ් එෆ්.සී., හැව්ලොක්ස් එෆ්.සී., ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදා කණ්ඩායම් යන කණ්ඩායම් 8ක් එක්ව සිටී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon