ජවිපෙ අපේක්‍ෂකයන් ගැන හොඳට හොයන්න යයි

  👤  1891 readers have read this article !
Published by : MB WEB 2017-11-04 13:23:38

අනුරාධා හේරත්

එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්දදායකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් ආයතන මට්ටමින් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසුවේ 2020 බලය ගොඩනැඟීමට මෙවර පළාත් පාලන මැතිවරණය ආරම්භක පියවර ලෙස යොදාගන්නා බවයි.

ඒ සඳහා වූ නාමයෝජනා සැකසීමේ ක්‍රියාවලිය මේ මස අවසානයේ නිම කිරීමට කටයුතු කරන බව පවසන ඒ මහතා කියා සිටියේ සියලු අපේක්ෂකයන් පිළිබඳ ඉතා හොඳින් සොයා බලා මැතිවරණය සඳහා තම පක්ෂය අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවයි.

අල්ලස් දූෂණ, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, මංකොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයන් පළාත් පාලන ආයතනවලට පත් කිරීමෙන් නැවත සිදුවන්නේ එම ආයතන දූෂිත වීම පමණක් බැවින් ඒ පිළිබඳ මනා අවබෝධයකින් තම ඡන්දය පාවිච්චි කළ යුතු බව සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon