ඒකාබද්ධ විපක්ෂය පොහොට්ටුවෙන් තරග බිමට

  👤  3056 readers have read this article !
Published by : MB WEB 2017-11-06 12:02:36

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය "නෙළුම් පොහොට්ටුව" ලකුණ යටතේ ආණ්ඩු විරෝධී පුළුල් ජාතික සංවිධානයකින් තරග කරන බවත් එම ජාතික සංවිධානය රටට එළිදැක්වීම ළඟදීම සිදුකරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා "මව්බිම" පුවත්පතට ප්‍රකාශ කළේය.

එම ආණ්ඩු විරෝධී නව ජාතික සන්ධානයේ නම පිළිබඳව මේ දිනවල ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් සිදුවෙන බවද ඒ මහතා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ඉල්ලුම්පත් කැඳවීමේ කටයුතු අවසන් අදියරේ පසුවන බවත් සම්මුඛ පරීක්ෂණ ලබන සතියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේය.

අති විශාල පිරිසකගෙන් ඉල්ලුම්පත් ලැබීම නිසා අපේක්ෂකයන් තෝරා ගැනීම ගැටලුවක් වී තිබෙන බවද රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon