ශ්‍රී ලංකා පිතිකරුවෝ හෂාන්ගෙන් තිලාන්ට

  👤  2022 readers have read this article !
Published by : MB WEB 2017-11-06 14:36:08

සඳරු පෙරේරා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු තනතුරට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර පත්කර ඇති අතර 2019 ක්‍රිකට් ලෝක කුසලානය වන තෙක්ම මොහු පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් මහතාගේ ඉවත්ව යෑමත් සමඟ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු රාජකාරිය භාරගත් හෂාන් තිලකරත්න පසුගිය මාස කිහිපයේ එම තනතුරේ කටයුතු කළ අතර නව පිතිකරණ පුහුණුකරු ලෙස තිලාන් සමරවීර පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ටෙස්ට් තරග 81කදී ලකුණු 5462ක් වාර්තා කර 2013 වර්ෂයේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් මොහු 2016 සැප්තැම්බර් මස සිට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසද කටයුතු කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon