දීපිකා, ආලියාගේ රැජන වූ හැටි

  👤  2149 readers have read this article !
Published by : MB WEB 2017-11-06 16:31:58

ආලියා බාත් බොලිවුඩයේ ඉන්න දඟකාර සුරූපිනියක්. ඇගේ පළමු රංගනයෙන්ම රසිකයන් අතර ජනප්‍රිය වෙන්න ඇගේ දක්ෂකම වගේම කෙළිලොල් සුන්දරත්වයත් හේතු වුණා. බාහිර පෙනුමෙන් විතරක් නෙවෙයි ආලියා හදවතින්ම සුන්දර නිළියක් කියලා හැමෝටම තේරුම් ගියේ පසුගිය දවසක දීපිකා පදුකෝන්ගේ රංගනයන් ගැන ඇය කළ ඇගයීම නිසායි.

සමකාලින රංගන තරු අතර තරගකාරිත්වයක් ඇතිවෙන නිසා එකිනෙකා ගැන වර්ණනා කිරීම් වුණත් මේ වගේ ක්‍ෂේත්‍රයක වෙන්නේ හරිම කලාතුරකින්. ඒ වුණත් ආලියා බාත් නම් තමන්ගේ සහෝදර රංගන ශිල්පිනියක් වුණු දීපිකාගේ රඟපෑම් අගය කළේ අවංක හදවතින්.

ඇය මේ විදියට දීපිකාගේ රංගන හැකියාවන් අගය කළේ පද්මාවති චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ දර්ශන දැකීමෙන් පසුවයි. දීපිකාගේ රංගනයන් අදහා ගත නොහැකි වුණ ආලියා ඇය සැබෑම රැජනක් ලෙස හැඟෙන බවත් දීපිකාටම කියා සිටියේ ඇගේ සාර්ථකත්වයද කියා පාමින්.

ඇයගේ මෙවැනි විශිෂ්ට රංගනයක් ආලියා මීට පෙර දැක නොතිබූ බවත් ඇය කියා සිටියා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon