යොවුන් ක්‍රිකට් පිල හෙට, දිවයිනෙන් පිටත්වෙයි

  👤  1412 readers have read this article !
Published by : MB WEB 2017-11-07 15:22:13

ඉෂාන් රෂ්මිත

මැලේසියාවේ පැවැත්වෙන සිවුවැනි යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් පිල හෙට (8දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව ඇත.

ලබන වසරේ මුල් භාගයේ නවසීලන්තයේදී පැවැත්වෙන 12 වැනි යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගි වන අවසන් සහ එකම තරගාවලිය වන මෙම යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිලේ උප නායකත්වය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ජෙහාන් ඩැනියෙල් වෙත පැවරී ඇත.

ශ්‍රී ලංකා යොවුන් පිලේ පසුගිය සංචාර කිහිපයේදීම පන්දුවෙන් දස්කම් දැක්වූ දකුණත් වේගපන්දු යවන නිපුන් රංශිකට (අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න) ආබාධායකට ලක්වීම හේතුවෙන් අවසන් මොහොතේදී කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුව ඇති අතර, ඒ වෙනුවට තිලාන් ප්‍රශාන් (මාතර ශාන්ත සර්වේෂස්) සංචාරයට එක්ව සිටියි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය : කමිඳු මෙන්ඩිස් (නායක - ගාල්ල රිච්මන්ඩ්), ජෙහාන් ඩැනියෙල් (උප නායක - කොළඹ ශාන්ත ජෝශප්), අශේන් බණ්ඩාර (ගාල්ල ශාන්ත ඇලෝසියස්), හසිත බෝයගොඩ (මහනුවර ත්‍රිත්ව), තිසරු රශ්මික (මහනුවර ත්‍රිත්ව), ක්‍රිෂාන් සංජුල (ක¼දාන දි මැසිනෝද්), ප්‍රවීන් ජයවික්‍රම (මොරටුව ශාන්ත සෙබස්තියන්), නිපුන් ධනංජය (වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස්), ධනංජය ලක්‍ෂාන් (ගාල්ල රිච්මන්ඩ්), කළණ පෙරේරා (ගල්කිස්ස ශාන්ත තෝමස්), රන්දීර රණසිංහ (කුරුණෑගල ශාන්ත ආනා), නිශාන් මධුෂ්ක (මොරටු විද්‍යාලය), නුවනිඳු ප්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන්), කේ. කේ. කෙවින් (ගාල්ල මහින්ද), තිලාන් ප්‍රශාන් (මාතර ශාන්ත සර්වේෂස්)

ඡායාරූපය - සසඳ ලියනාරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon