ශ්‍රීමත් ජෝන් ටාබට් 48 වැනි කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලිය පාසල් 468ක සහභාගිත්වයෙන් අද දියගමදී ඇරැඹෙයි

  👤  2297 readers have read this article !
Published by : MB WEB 2017-11-08 12:33:22

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 48 වැනි ශ්‍රී මත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. වයස අවුරුදු 12න්, 13න්, 14න් සහ 15න් පහළ බාලක/බාලිකා වශයෙන් වයස් කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්වීමට නියමිතය.
මේ අතර මෙවර තරගාවලිය සඳහා පාසල් 468ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500ක් පමණ සහභාගි වීමට නියමිත අතර පසුගිය වසරේදී වයස අවුරුදු 14න් පහළ කෙටි දුර ධාවන ඉසව්වලදී නව තරග වාර්තා 3ක් පිහිටුවූ බළපිටිය සිද්ධාර්ථ විද්‍යාලයේ හිරුෂ මෙන්ඩිස්, මීටර් 80 කඩුලු අවුරුදු 14න් පහළ වසර 12ක් පැරණි වාර්තාව ගිය වසරේ බිඳහෙලූ පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයේ තරුෂ කරුණාරත්න හා වයස අවුරුදු 14න් පහළ මීටර් 400 තරග වාර්තාවක් පිහිටවනු ලැබූ කොළඹ කේරි විද්‍යාලයේ දුලංජන් පෙරේරා වැනි කැපී පෙනෙන ක්‍රීඩකයන් ද මෙවර තරගාවලියට සහභාගි වනු ඇත.

2017 ජෝන් ටාබට් ශූරතාවලියේ ආරම්භක දිනය වන අද දිනයේ දී වයස අවුරුදු 12න් පහළ බාලක දුර පැනීම, අවුරුදු 12න් පහළ බාලිකා උස පැනීම, අවුරුදු 15න් පහළ බාලිකා කවපෙත්ත විසි කිරීම, අවුරුදු 15න් පහළ බාලක යගුළිය විසිකිරීම, අවුරුදු 13න් පහළ බාලක උස පැනීම, අවුරුදු 13න් පහළ බාලිකා දුර පැනීම, අවුරුදු 14න් පහළ බාලක කවපෙත්ත විසි කිරීම, අවුරුදු 14න් පහළ බාලිකා හෙල්ල විසි කිරීම, අවුරුදු 14න් පහළ බාලක දුර පැනීම සහ අවුරුදු 14න් පහළ බාලිකා උස පැනීම අවසන් තරග ඉසව්වලින් මෙවර තරගාවලිය ආරම්භ වේ.

කෙසේ වෙතත් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් මස 27, 28 හා 29 යන දිනවල පැවැත්වීමට මින්පෙර සැලසුම් කර තිබුණද පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා එම තරගාවලිය අද (8දා) සිට 10 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon