සයිටම් අහෝසි කරනවා

  👤  1850 readers have read this article !
Published by : MB WEB 2017-11-09 10:16:34

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

සයිටම් ආයතනය අහෝසි කර එම ආයතනයට සිසුන් ඇතුළත් කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල සාකච්ඡාව අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) සවස පැවැසීය.

සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත් කළ හර්ෂ ද සිල්වා කමිටුව රජයේ වෛද්‍ය පීඨ සිසුන් හා මවුපියන්ගේ සංගමය සමඟ සාකච්ඡා කර ඇති කරගත් එකඟතාවන්ට අනුව එම තීරණයට එළැඹි බව නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මෙසේද පැවැසීය.

"සයිටම් සම්බන්ධව ජනාධිපතිතුමා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සඳහා ගත යුතු පියවර මොනවාද කියලා. මේ පිළිබඳව බොහෝ පාර්ශ්ව මඟින් ධනාත්මක ලෙස ප්‍රතිචාර ලැබී තිබෙනවා. මවුපියන් කීපදෙනෙක් මේ අවස්ථාවේ උපවාසයක යෙදී සිටිනවා. සයිටම් ප්‍රශ්නය පිළිබඳව කරන උපවාසය නවත්වලා නැවතත් සාකච්ඡා මාර්ගයට පැමිණෙයි කියලා විශ්වාසය කරනවා. අද අප සාකච්ඡා කරලා තීරණ කීපයකට එළැඹුණා."

"නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියත් මේ සඳහා ලබාගත්තා. මින් අනතුරුව මවුපියන් උපවාසය නවතා සාකච්ඡාවට පැමිණෙයි කියා විශ්වාස කරනවා. දරුවන් යළි අධ්‍යාපනයට එයි කියලත් විශ්වාස කරනවා."

"උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ 2017 සැප්තැම්බර් මස 15 දින ලිපියෙන් සයිටම් ආයතනයට අලුතින් වෛද්‍ය සිසුන් බඳවා ගැනීම අත්හිටුවා ඇත. මෙම අත්හිටුවීම දිගටම ක්‍රියාත්මක වනු ඇත. එසේ හෙයින් සයිටම් ආයතනය සඳහා කිසිදු අයුරකින් වෛද්‍ය සිසුන් බඳවා ගනු නොලැබේ. ඒ සමඟම සයිටම් ආයතනය අහෝසි කිරීමට ක්‍රියා කරනු ඇත."

"ඉහත සඳහන් සියලු ක්‍රියාපිළිවෙත් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ ප්‍රතිපාදන අනුව සහ අනෙකුත් නීති අනුව සිදු කෙරෙනු ඇත."

"අප බලාපොරොත්තු වෙනවා සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කරලා, පීඨාධිපතිවරුන්, මවුපියන්, වෛද්‍ය සභාව සහ සයිටම් ආයතනය සමඟ සාකච්ඡා කරලා, ගත් මෙම තීරණයට රජය බොහෝ වෙහෙසුණා. රජය හැටියට මෙම එකඟතාවට අනුව සහ නිවේදනයට අනුව, ඉදිරියට යෑමටත්, දෙසැම්බර් මස 31ට පෙර වැඩකටයුතු අවසන් කරන්න ක්‍රියා කරන්නත් ඉල්ලීමක් කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon