මංගලගේ මංගල අයවැය කතාව අදයි

  👤  1735 readers have read this article !
Published by : MB WEB 2017-11-09 11:33:30

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව 2018, ඉදිරිපත් කිරීමට නියමිතය.

ප.ව.3.00ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වෙයි.

2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් (09)දින මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982කි. එම වසරේ සියලු ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් ලෙස ගණන් බලා තිබේ.

යහපාලන රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙවැනි විසර්ජන පනත් කෙටුම්පත මෙයයි.

2018 වසර සඳහා වන අයවැය කතාව අද (09) ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට (10) සිට (16) දක්වා පුරා දින හයක් අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වේ.

දෙවනවර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 16 වැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය. අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය 17 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා දක්වා පෙරවරු 09.30 සිට රාත්‍රී 07.30 දක්වා පැවැත්වේ.

දෙසැම්බර් 09 දින තුන්වැනිවර කියවීමේ විවාදය ආරම්භ වන අතර සවස විසර්ජන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.

අයවැය ඉදිරිපත් කරන අද(09) දිනයේදි පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ආරාධිතයින්ට පමණක් සීමාකර ඇති අතර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon