සිරකාරියන් වැඩි වීමේ ලෝක ප්‍රවණතාවක්

  👤  900 readers have read this article !
Published by : MB WEB 2017-11-10 14:30:36

වර්ෂ දෙදාහ (2000) ආරම්භ වීමෙන් පසු ලෝකය පුරා සිරගත කරනු ලැබ ඇති කාන්තාවන්ගේ සංඛ්‍යාව 50% කටත් වඩා අධික මට්ටමකින් වැඩි වී ඇතැයි බ්‍රිතාන්‍ය පර්යේෂක කණ්ඩායමක් පෙන්වා දෙති.

එම පර්යේෂණ වාර්තාව නිකුත් කරනු ලැබ තිබෙන්නේ අපරාධ ප්‍රතිපත්ති පිළිබඳ පර්යේෂණය සඳහා වන ලන්ඩන් ආයතනය (London's Institute for Criminal Policy Research) විසිනි.

සිරකරුවන්ගේ සංඛ්‍යාව සමඟ තුලනාත්මකව බලන විට සිරකාරියන්ගේ සංඛ්‍යාත්මක වැඩි වීමේ අනුපාතය දෙගුණයකටත් අධික මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර, එම වැඩි වීමේ අනුපාතය සෑම මහාද්වීපයකම දක්නට ලැබෙන පොදු කරුණක් බවට පත්ව ඇති බව එම පර්යේෂණ වාර්තාව සඳහන් කරයි.

ලෝකය පුරා දැනට සිරභාරයේ පසු වෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව හත් ලක්ෂ දාහතර දාහක් පමණ වෙතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

ලෝකයේ සිරකරුවන්ගේ සංඛ්‍යාව සමඟ බලන විට සිරකාරියන්ගේ සංඛ්‍යාව සමස්ත බන්ධනාගාර රැඳවියන්ගෙන් 7% ක් පමණි.

ලෝකයේ වැඩිම සිරකාරියන් සංඛ්‍යාවක් සහිත රට ඇමෙරිකා එක්සත් ජනපදයයි.

එහි දෙවන ස්ථානය චීනය හිමි කර ගනී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්