ආණ්ඩුවට එරෙහි පොහොට්ටුවේ සටන මහින්ද හෙට අනුරපුරෙන් අරඹයි

  👤  1536 readers have read this article !
Published by : MB WEB 2017-11-11 14:32:10

ඉෂාරා සිල්වා

"දූෂිත ආණ්ඩුවේ අසම්මත ගමනට එරෙහිව" යන මැයෙන් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ රජරට මහා ජන රැලිය හෙට (12දා ඉරිදා) පස්වරු 3.00ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ ජන රැලිය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර,

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණතුංග, කෙහෙලිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම, ඩුලිප් විජේසේකර, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ, මහින්ද යාපා අබේවර්ධන, සී.බී. රත්නායක ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්වරුන්ද සහභාගි වීමට නියමිතය.

රාජ්‍ය සම්පත් විදේශයන්ට විකුණා දමමින් වත්මන් රජය ගෙනයන දූෂිත පාලනයට එරෙහිව මේ ජන රැලිය පැවැත්වීමට තීරණය කළ බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon