පළාත් පාලන ඡන්දයට අදාල ගැසට් නිවේදනය නිකුත් වේ

  👤  1187 readers have read this article !
Published by : MB WEB 2017-11-11 12:45:58

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසින් පසුගිය (1) දා අත්සන් තබනු ලැබු අති විශේෂ ගැසට් නිවේදනය අද (11) නිකුත් කරන බව රජයේ වැඩබලන මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය රජයේ නිල වෙබ් අඩවියට පැවසුවාය.

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට පත් කෙරෙන මහජන නියෝජිතයන් සංඛ්‍යාව මෙම ගැසට් නිවේදනයට ඇතුළත් වේ. ඊට අමතරව නුවරඑළිය, අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල අලුතින් පිහිටුවන ලද ප්‍රාදේශීය සභා 4ක් ඇතුළත් ගැසට් නිවේදනයද අනිකුත් කෙරෙනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon