ප්‍රශ්න නැතුව ගොඩයන්න හදන රෙඩ්ගේ හුරතල් අක්කා

  👤  1234 readers have read this article !
Published by : MB WEB 2017-11-11 15:25:48

අපේ රටේ කවුරුත් දන්න හඳුනන චරිතයක් තමයි රෙඩ් කියන්නේ. කාලෙන් කාලෙට අමුතු විදියේ නිර්මාණවලින් රසිකයන් අතරට එන රෙඩ් මේ සැරෙත් වෙනස් විදියේ වැඩක් කරලා. අද හදගැස්මෙන් රෙඩ්ගෙ මේ අලුත්ම මියුසික් වීඩියෝව ගැන කතා කරන්න අපි හිතුවා.

රෙඩ් කවුද මේ හුරතල් අක්කා..?

එක එක විදියේ හුරතල් අක්කලා ගොඩක් අද සමාජෙ ඉන්නවනේ. එයාලට ආදරය කරන එක එක විදියෙ මල්ලිලත් ඉන්නවා. ඒ විදියෙ හුරතල් අක්කා කෙනෙක්ට හදවතින් ආදරය කරන මල්ලි කෙනෙක් ගැන කතාවක් තමයි මගේ අලුත් ගීතයේ තියෙන්නේ. ගී පද රචනය චතුක මදුෂාන්ගේ. මියුසික් කළේ විකුම් ලියනගේ. මියුසික් වීඩියෝ එක නිර්මාණය කළේ (red eye Production) එකේ චාරක දුෂ්‍යන්ත.

මේ වගේ වෙනස් විදියෙ වීඩියෝ එකක් කරන්න හිතුවෙ ඇයි..?

මම කොහොමත් වෙනස් දේවල් කරන්න කැමැතියි. හැමෝම කරන දෙයට වඩා වෙනස් දෙයක් කරන එක හොඳයි කියලා මම හිතනවා. රසිකයො අපෙන් බලාපොරොත්තු වෙන්නේ වෙනස් විදියෙ අත්දැකීමක්. මගෙ මියුසික් වීඩියෝ හරහා මම බලාපොරොත්තු වෙන්නේ ඒ වෙනස රසිකයාට ලබාදෙන්න.

මේ වීඩියෝ එක මායා දර්ශන සහිතව නිර්මාණය වුණු එකක්. ඇයි මේ විදියට මායා දර්ශන කන්සෙප්ට් එකක් තෝරා ගත්තේ..?

අපේ සමාජේ අක්කා කෙනෙක්ට මල්ලි කෙනෙක් ලව් කරන එක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක මේ සමාජය ප්‍රතික්ෂේප කරන තත්ත්වයක්. මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙත් මල්ලි කෙනෙක් හිතින් අක්කා කෙනෙක්ට ආදරේ කරලා අවසානේ මල්ලි මැරෙනවා. මැරිලත් භූතයෙක් වෙලා තමන් ආදරය කරන අක්කව හොයාගෙන එනවා. අක්කට ආදරේ වැඩිකමට ඇයව විවාහ කරගන්න එන පුද්ගලයා පවා එළවලා දානවා ඒ භූත මල්ලි. ඉතින් භූතයෙක් වගේ අද්භූත චරිත කිහිපයක් එකතු කරගෙන වෙනස් විදියට මේ කතාව ඉදිරිපත් කරන එක සාර්ථක වෙයි කියලා හිතුවා.

මේ වීඩියෝ එකට සම්බන්ධ වුණු ආර්ටිස්ලා වීඩියෝවට සාධාරණයක් කළාද..?

ඇත්තෙන්ම ඔව්. ඒ හැමෝම උපරිම සාධාරණයක් මගේ වීඩියෝවට කළා. පියුමි වගේම සංගීත්, ඇතුළු හැමෝම හොඳටම මට වැඩේ කරලා දුන්නා. මම හිතනවා සංගීත් මල්ලිට මහේන්ද්‍ර පෙරේරා වගේ ප්‍රවීණ දක්ෂ කලාකරුවෙක්ගේ තත්ත්වෙටම දවසක එන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා.

මේ දවස්වල පියුමිලා දාගෙන මියුසික් වීඩියෝ හිට් කරගන්නවා වැඩියි. ඔබත් පියුමි කෙනෙක්ව මියුසික් වීඩියෝවට ගත්තේ වීඩියෝව හිටි කරගන්නද..?

අනේ නෑ. එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ. පියුමි හංසමාලිත්, පියුමි බොතේජුත් මගේ හොඳ මිතුරියන්. පියුමි බොතේජුව මගේ වීඩියෝ එකට සම්බන්ධ කර ගත්තේ අපි අතරෙ තියෙන මිත්‍රත්වය හින්දමයි. තවත් නම් කිහිපයක් මේ චරිතයට යෝජනා වුණත් අවසානයේ ඩිරෙක්ටර් එක්ක කතා කරලා තමයි මම පියුමිව මේ වැඩේට සම්බන්ධ කරගත්තේ.

අද තියෙන්නෙ විරහ ගීත රැල්ලක්. ඉතින් ඔබගේ මේ ගීතය වෙනස් ආරක ගීතයක් නිසා මේ යන ට්‍රේන්ඩ් එකට එය අභියෝගයක් කියලා හිතුවේ නැද්ද..?

මට මේ විරහ ගීත ට්‍රෙන්ඩ් එක අභියෝගයක් නෙවෙයි. ගොඩක් තියෙන්නේ අඬන, ‍ෙදාඩන, වැලපෙන ගීත. ඒවා මිනිසුන්ට නීරසයි. වෙනස් නිර්මාණයක් රසිකයන් බලාපොරොත්තු වෙනවා. මම දන්නවා රාජමාලිගේ ගීතය වගේම මේ ගීතයත් ජනප්‍රිය වෙනවා කියලා. දැනටමත් හැම චැනල් එකකම චාර්ට් ෂෝවලට මේ ගීතය ඉල්ලලා තියෙනවා.

රෙඩ්ට එක්තරා ජනප්‍රිය නාළිකාවකින් ගීත හිට් කරගන්න වැඩිපුර උදවු කරනවා කියන්නේ ඇත්තද..?

එහෙම දෙයක් නෑ. මුල් කාලෙදි රාජමාලිගෙ ගීතයට නම් එක්තරා ජනප්‍රිය නාළිකාවකින් මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. නමුත් දැන් එහෙම විශේෂ සහායක් මොන නාළිකාවකින්වත් මම ලබාගන්නේ නෑ.

ඔබ ගීත හිටි කරගන්න සල්ලි විසිකරනවද..?

අනේ නෑ. මම කවදාවත් සල්ලි විසිකරලාවත් වෙන ක්‍රම යොදාගෙනවත් මගේ සින්දු හිට් කර ගන්න ට්‍රයි කරන්නෙ නෑ. හොඳ දෙයක් කෙරුවොත් ප්‍රේක්ෂකයා අතර ඒක ඉබේම හිට් වෙනවා.

හැමෝටම වගේ යූ.ටියුබ් ඍඪඥඹඵ වැඩි කරගැනීමේ උණ රෙඩ්ටත් තියෙනවද..?

අපෝ නෑ. මට එහෙම උණක් නෑ. මගේ මියුසික් වීඩියෝව ඊපඥදඤඪදඨ වල තුන්වැනි තැන තියෙනවා. හැබැයි මට ඕනෙ, පොදුවේ බාල වැඩිහිටි හැමෝටම එකට බලන්න පුළුවන් විදියේ හොඳ නිර්මාණයක් කරලා ප්‍රේක්ෂකයාට ලබා දෙන්න විතරයි.

රාජ මාලිගේ ගීතය නිසා ඔබට ප්‍රශ්න මතු වුණා. මේ ගීතයට එහෙම ප්‍රශ්නයක් එන එකක් නැද්ද..?

නෑ. මේක මගේම ගීතයක්. රාජ මාලිගේ ගීතය වුණත් මගේ පවුලේ ගීතයක්. මිනිස්සු එක එක ප්‍රශ්න හදනවා. ඒවට මම සැලෙන්නෙ නෑ.

මේ දවස්වල රෙඩ් මොනවද කරන්නේ..?

පසුගිය කාලේ මම කොරියා ගියා ප්‍රසංගවලට. දෙසැම්බර් මුල යුරෝපයේ සංචාරයක් තියෙනවා. ලබන වසරෙ පෙබරවාරි අවසානේ වගේ ආයෙත් කොරියා සංචාරයක් තියෙනවා.

ඒ වගේම ප්‍රසංග වේදිකාවට සම්බන්ධ වෙන ගමන් මම ගෘහස්ථ ක්‍රිකට් ඇකඩමියක් කරගෙන යනවා. අඥඤථඪදධ කියන නමින් කදාන පේරලන්ද ප්‍රදේශයේ මගේ ඇකඩමිය තියෙන්නේ. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට, ක්ලබ්වල සෙල්ලම් කරන ක්‍රීඩකයන්ට ඕනෑම වෙලාවක පහසුවෙන්ම ඇවිත් තමන්ගේ පුහුණුවීම් කරගන්න පහසුකම මම එතැන හදලා තියෙනවා.

සමහර අය කියනවා රෙඩ්ගේ ලොකු ලයින් කියලා. මේ කතාව ඇත්තද..?

ඒක සම්පූර්ණ බොරුවක්. ක්ෂේත්‍රයේ සමහර අය මට මඩ ගහනවා. ලොකුකමට ඉන්නවා කියලා. හැබැයි මම එහෙම කෙනෙක් නෙවේ. හැමෝම එක්ක සුහදව ඉන්න කෙනෙක් මම. මගේ ලොකු සීන් නෑ. අපි හැමෝම මැරෙන මිනිස්සු. මට ඕනෙ හැමෝම එක්ක හොඳින් ඉඳලා මැරෙන්න. මගේ රසිකයන්ට විශේෂයෙන්ම කියන්න ඕන ඕනෙම වෙලාවක මට කතා කරන්න කියලා. කිසිම ප්‍රශ්නයක් නෑ. මට සල්ලිවලට වඩා මනුස්සයො වටිනවා.

කුමුදිකා ඩී. සපුතන්ත්‍රී

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්