කිලිනොච්චියේ අතුරුදන්වූවන්ගේ ඥාතීහු පිරිසක් අද ජනපති හමුවෙති

  👤  1839 readers have read this article !
Published by : MB WEB 2017-11-16 11:01:04

ලක්ෂ්මී ජයකොඩි

අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් අද (16දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා පසුගියදා යාපනයේ කළ සංචාරයේදී කිලිනොච්චියේදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් හමුවූ අවස්ථාවේ තමන්ට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

ඊට ප්‍රතිචාර ලෙස අද දිනයේ ජනාධිපතිවරයා හා සාකච්ඡාවකට තමන්ට ඇරැයුම් ලැබී ඇති බව කිලිනොච්චියේ අතුරුදන්වූවන්ගේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon