'අළු බඳුන' අරඹන්නත් පෙර වෝනර්ගේ බිරියගෙන් එංගලන්තයට ප්‍රහාරයක්

  👤  1956 readers have read this article !
Published by : MB WEB 2017-11-16 16:04:27

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ බිරිය එංගලන්ත පිලේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් පිළිකුල් සහගත ක්‍රීඩකයකු බව ප්‍රකාශ කරමින් අළු බඳුන ක්‍රිකට් තරගාවලියට පෙර එංගලන්තයට වාග් ප්‍රහාරයක් එල්ල කරලා.

ඇය මේ ප්‍රකාශය කර ඇත්තේ පසුගියදා බි්‍රස්ටල් නගරයේ අවන්හලකදී ඇති කරගත් ආරවුලකින් පසු බෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් පදනම් කරගෙනය. ඇගේ මෙම ප්‍රකාශය එංගලන්ත කණ්ඩායමේ මානසික බිඳ වැටීම සඳහා දරන උත්සාහයක් ලෙස එංගලන්ත ක්‍රිකට් ලෝලීන් හඳුන්වනවා.

සාමාන්‍යයෙන් එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර වසරකට වරක් පැවැත්වෙන අළු බඳුන ක්‍රිකට් තරගාවලිය ඇරැඹිමට මත්තෙන් මෙවැනි සිදුවීම් ඇතිවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා.

 

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon