ගාල්ලට වැටුණු ඇඳිරි නීතිය අද උදෑසනින් අවසන්

  👤  1724 readers have read this article !
Published by : MB WEB 2017-11-18 11:00:29

රුවින්ද වීරසිංහ

ගාල්ල පොලිස් වසමේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් ඊයේ(17) රාත්‍රියේ සිට අද (18) පෙරවරු 9.00දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබිණි.
 
ඒ අනුව වැලිපිටිමෝදර, මහහපුගල, රුක්වත්ත, ගිංතොට, පියදිගම, කුරුඳුවත්ත ග්‍රාම සේවා වසම් සඳහා මෙලෙස ඇඳිරිනීතිය ක්‍රියාත්මක කොට තිබිණි.
 
ඇතිවූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 200කට අධික පිරිසක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 100කට අධික පිරිසක් ද රාජකාරියේ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
 
මෙම සිදුවීම සම්බන්දයෙන් සැකකරුවන් 19ක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ. 
 
 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon