අගමැති එක්ක මගේ කිසිදු ගැටලුවක් නෑ

  👤  1969 readers have read this article !
Published by : MB WEB 2017-11-20 12:41:51

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

තමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසිදු ගැටලුවක් නොමැති බවත් විවිධ කටකතාවලට නොරැවටෙන ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රි පිරිසක් අතර මෙම විශේෂ සාකච්ඡාව පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී සිදුවූ බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මේ අවස්ථාවට සහභාගි වූ බවත් එක්සත් ජාතික පක්‍ෂයේ ජේ‍යෂ්ඨයෙක් 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි ආණ්ඩුව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් ඒවා විශ්වාස නොකරන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද එක්සත් ජාතික පක්‍ෂයේ එම ජේ‍යෂ්ඨ සාමාජිකයා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon