දික්වැල්ලගේ දඩබ්බරකමට මහේලගෙන් හා රසල්ගෙන් පුංචි තල්ලුවක්

  👤  1866 readers have read this article !
Published by : MB WEB 2017-11-22 13:21:23

බොහෝ දෙනා බොහොම උනන්දුවෙන් බලා සිටිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත් වුණා. ඒත් දැන් ආයෙත් සමහරු ඒ ගැන කතා කරන්න පටන් අරගෙන.

මේ අයුරින් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා තියෙන්නේ තරගය අතරතුර නිරෝෂන් දික්වැල්ල සහ මොහමඩ් ෂාමි අතර ඇතිවූ උණුසුම් කතාබහ ගැනයි. ෂාමි පන්දු යවද්දී පිටියේ නිසිලෙස පන්දු රකින්නන් ස්ථානගත නොකොට ඇති බව සඳහන් කළ නිරෝෂන් එම පන්දුව නිපන්දුවක් ලෙස නම් කරන ලෙස විනිසුරුවරයාගෙන් ඉල්ලා තියෙනවා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් සහ ඊට පසුවත් නිරෝෂන් සහ ෂාමි අතර උණුසුම් වචන හුවමාරු ඇති වුණා.

මේක සමථයකට පත්කරන්න විරාත් කෝලිත් මැදි වුණා. මේ සිද්ධිය පිළිබඳ එම අවස්ථාවේ විස්තර විචාරයේ යෙදී සිටි රසල් ආනල්ඩ් අදහස් පළ කරමින් පවසා ඇත්තේ නිරෝෂන්ගේ ආත්ම විශ්වාසය අනෙක් තරගකරුවන් තුළින් තමා නොදුටු බවයි. මේ අතර මහේලද තම ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් නිරෝෂන්ගේ ක්‍රියාව පිළිබඳ සතුට පළකොට තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon