බුවනේෂ්වර් හා කෘනාල් යුගදිවි ඉනිම් අරඹති

  👤  2399 readers have read this article !
Published by : MB WEB 2017-11-22 16:15:24

තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු වන කෘනාල් පාන්ඩියා දෙසැම්බර් මාසයේ යුග දිවියට පිවිසෙනවා. 26 හැවිරිදි කෘනාල්ගේ අත ගන්නේ වසර එකහමාරක පමණ කාලයක් ඔහු සමඟ පෙමින් වෙළී සිටි පන්කූරි ෂර්මායි. විවාහ උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ මුම්බායිහි සැන්ටකෘෘස් ප්‍රදේශයේ තරුපහේ හේටලයකයි.

"අපේ විවාහයට සහභාගි වෙන්නේ අපේ පවුල් දෙකේ අය සහ ළඟම හිතවතුන් කීප දෙනෙක් පමණයි. මගේ හොඳම මිතුරෙක් වගේ ඒ වගේම මාව හොඳින් තේරුම් ගත් කෙනෙක් බිරිය කරගන්න ලැබීම ගැන මම සෑහෙන්න සතුටු වෙනවා." කෘනාල් පවසනවා.

මේ අතර ඉන්දීය ක්‍රිකට් පිලේ වේග පන්දු යවන්නකු වන බුවනේෂ්වර් කුමාර් ලබන සතියේ යුගදිවියට එළැඹෙන බවද පැවැසෙනවා බුවනේෂ්වර් විවාහ වීමට යන්නේ ඉන්ජිනේරුවරියක් වන නුපුර් නාගර් සමඟය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon