හවැලි ඉඩම් අයථා ලෙස ලබා දී නෑ

  👤  1209 readers have read this article !
Published by : MB WEB 2017-11-22 15:24:14

කිසිදු ආකාරයට මහවැලි ඉඩම් අයථා ආකාරයට ලබාදීමට කටයුතු කර නොමැති බවත් විධිමත් ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද මරවීර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.

අපි කිසිදු ආකාරයට මහවැලි ඉඩම් අයථා ආකාරයට ලබාදීමට කටයුතු කර නෑ. මම හෝ ජනාධිපතිතුමා හෝ කිසිදු කෙනෙකුට වාසි ලැබෙන ලෙස ඉඩම් ලබා දී නෑ.

චෝදනා එල්ල නොවන ආකාරයට රජයේ ඉඩම් ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරමින් යනවා. 'ඉල්ලුවොත් පරාදයි. අල්ලා ගත්තොත් දිනුම්' කියලා මහවැලි ඉඩම්වලට කතවක් තියෙනවා.

මෙය වෙනස් කිරීමට විධිමත් ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කරමින් යනවා. ඔප්පු ලක්ෂයක් ලබාදෙන ඉලක්කයක් තිබෙනවා. ඔප්පු 18378ක ඉලක්කයක් වළව ප්‍රදේශයේ ලබදීමට හැකි වුණා. නියඟයට,ආපදවට මිලියන 38,000ක් ලබාදුන්නා. වසවිස නැති ගොවිතැන සාර්ථක කර ගන්න වැඩකරගෙන යනවා. ගොවියාට ලබාදෙන සහනාධාර එලෙසටම ලබාදෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon