තරින්දි ඉසුරු එක්ක පැටලිලාද?

  👤  2528 readers have read this article !
Published by : MB WEB 2017-11-22 17:20:04

තරින්දි මේ දවස්වල කාර්යබහුලයි වගේ?

මේ දවස්වල පැහැසරා ටෙලි නාට්‍යයේ ෂූටින්. ඒ වගේම මේ මාසේ තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් පටන් ගන්නවා. දෙසැම්බර් මාසෙදී නිශාන්ත වීරසිංහගේ ළමා නාට්‍යයකටත් සම්බන්ධ වෙන්න ඉන්නේ. ඒ වගේම චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලත් තියෙනවා.

ඒ කියන්නේ තරින්දිට වැඩ වලින් ජයයි වගේ?

ඔව්. මම හිතනවා වැඩ ජයයි කියලා.

මේ දවස්වල තරින්දිව අපිට හමුවෙන්නේ පැහැසරා නාට්‍යයේ "ලොකූ" විදියට. හැබැයි තරින්දි මුලින්ම පය තියන්නේ සිනමාවට?

ඔව්. මම මුලින්ම වැඩ කළේ බැංකු ආයතනවල. මගේ අම්මා නැති වුණාට පස්සේ මම බැංකුවෙන් අයින් වුණා. ඊට පස්සේ මම මුලින්ම සම්බන්ධ වෙන්නේ චරිත් අබේසිංහගේ "බරතලී" චිත්‍රපටයට. තාම චිත්‍රපටය තිරගත වුණේ නෑ. මම ඒකේ නිරූපණය කළේ නර්තන ගුරුවරියකගේ චරිතයක්.

රංගන ක්ෂේත්‍රය ගැන සමහරුන්ට තියෙන්නේ හොඳ මතයක් නෙමෙයිනේ. රංගනයට එද්දී කාගෙන්වත් තරින්දිට බාධා ආවේ නැද්ද?

මගේ පවුලෙන් මට කිසිම බාධාවක් දාලා නැහැ. මොකද එයාලා මං ගැන තිබ්බ විශ්වාසය මම කවදාවත් කඩ කරලා නැහැ. මම ඒ විශ්වාසය කඩ කරන්නෙත් නැහැ. එයාලා කැමැතියි මම ක්ෂේත්‍රයෙන් ඉදිරියට යනවට.

රංගන ක්ෂේත්‍රය තුළ එක එක අයට ඉෂ්ට කර ගන්න එක එක බලාපොරොත්තු තියෙනවා. තරින්දි රංගනයෙන් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

මං තුළ හැංගිච්ච දක්ෂතා තියෙනවා. මට තියෙන ටැලන්ට් එක තාම කවුරුත් හඳුනාගෙන නැහැ. මගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් තරමේ හොඳ නිර්මාණයක් තාම ලැබිලා නැහැ. මම කැමැතියි මගේ දක්ෂතාවය හැමෝටම පෙන්නන්න.

මොනවද දැන් ඔය තරින්දිට තියෙන හැංගිච්ච දක්ෂතා?

මම නර්තනයට දක්ෂයි. ඒ වගේම මට රංගනයටත් දක්ෂතා තියෙනවා. මගේ නර්තන හැකියාව සහ රංගන හැකියාව පෙන්වන්න පුළුවන් නිර්මාණයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

තරින්දි වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්නද කැමැති?

රංගනය වෘත්තිය කර ගන්න මම කැමැති නැහැ. මම ශාරීරික ව්‍යායාම උපදේශකවරියක්. මම ඛභථඡච ක්ලාස් කරනවා. ඒ අතරේ මම හොඳ නිර්මාණ එක්ක රංගනයේ දිගටම රැඳෙන්න කැමැතියි.

තරින්දි රංගනයේ තෝරා බේරා ගැනීම් එක්කද වැඩ කරන්නේ?

මම එක චරිතයකට කොටු වෙන්න කැමැති නැහැ. මම චරිතාංග නිළියක් වෙන්න කැමැතියි. ඒ නිසා මිනිස්සු ආදරය කරන ඕන චරිතයක් කරන්න මම කැමැතියි.

චරිතාංග නිළියක් වෙන්න අඩ නිරුවත් වෙන්න, නිරුවත් වෙන්නත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ චරිතයක් කරන්න ඔබ එකඟද?

ඒ වගේ චරිතවලට කැප වෙන්න නම් බාධකයක් තියෙනවා. අඩ නිරුවත් කියන්නෙ වැදගත් විදියට අඳින්න නම් මට ප්‍රශ්නයක් නැහැ. මගේ ලිමිට් තුළ ඉඳගෙන තමයි මම චරිතයක් කරන්නේ.

රංගනයේ පවතින්න අවස්ථා ගන්න නම් හිතමිත්‍රකම්, අත දිග හැරලා මුදල් විසි කිරීම කරන්න ඕන කියලා සමහරු කියනවා. තරින්දිට එහෙම දෙයක් දැනෙනවාද?

ඕනම ක්ෂේත්‍රයක හොඳ පැත්ත වගේම නරක පැත්තක් තියෙනවා. රංගනයෙත් එහෙමයි. 80%ක් එහෙම අවස්ථා දෙනවා නම් 20%ක් හරි ඇති දක්ෂ අයට තැන දෙන. ඒ අය අපිට තැන දෙයි.

පසුගිය කාලේ ඉසුරුගෙයි තරින්දිගෙයි සම්බන්ධයක් තියෙනවා කියලා කතා පැතිරුණා. මොකද්ද මේ කතාව?

අපි එකට රඟපානවා. එහෙම කතාවක් ගියා තමයි. කවුරු හරි අපි අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා කතා හැදුවේ ඉසුරුගේ චරිතය තුළයි මගේ චරිතය තුළයි විශේෂයක් තියෙන නිසා වෙන්න ඇති. කොහොම හරි ඒ කතාව නිසා අපි තවත් ජනප්‍රිය වුණා. ඒකෙන් අපිට කවුරු හරි රිද්දන්න හැදුවා නම් ඒක එහෙම සිදු වුණේ නැහැ.

ඒ කතාව නිසා තරින්දි අපහසුතාවට ලක්වුණේ නැද්ද?

අපි මොන වගේ අයද කියලා අපිව දන්න අය දන්නවා. මගේ පවුල මං ගැන ගොඩක් විශ්වාස කරන නිසා මට ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ.

ඉසුරු තරින්දිගේ පෙම්වතා නොවුණට වෙන පෙම්වතෙක් තරින්දිට ඇති නේද?

තාම පෙම්වතෙක් නැහැ.

හැබැයි ක්ෂේත්‍රයේ තරුණයන්ගෙන් තරින්දිට ප්‍රේම ආරාධනා නම් තියෙනවා ඇති?

ඔව්. එහෙම ප්‍රේම ආරාධනා ලැබෙනවා. කොහොමත් අලුතෙන් කෙනෙක් ආවම එහෙම පෝලිමේ ප්‍රේම ආරාධනා එනවනේ. මගේ අරමුණ තියෙන්නේ රංගනය ගැන. ඒ අරමුණට යද්දී දෙපැත්තේ ඉන්න අය දිහා බලලා තේරුමක් නැහැ.

නළුවෙක්ට හිත දෙන්න තරින්දි අකැමැතිද?

නළුවෙක් කියන එක මට ප්‍රශ්නයක් නැහැ. මම කැමැති ගතිගුණ තියෙනවා නම් මට ඒ පුද්ගලයා ඉන්න ක්ෂේත්‍රය අදාළ නැහැ. මම පෙම්වතෙක් හොයාගෙන යන්නෙත් නැහැ.
තරින්දිගේ ඉදිරි සැලසුම් මොනවාද?

සැලසුම් නම් ගොඩක් තියෙනවා. මම ගොඩක් කැමැතියි සිනමාවෙන් ඉස්සරහට යන්න. රංගනය ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. තවත් සැලසුම් තියෙනවා. ඒවා ඉදිරියේදී කියන්නම්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - අමිත තෙන්නකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon