සිම්බාබ්වේ නව යුගයකට

  👤  1679 readers have read this article !
Published by : MB WEB 2017-11-24 13:16:14

සිම්බාබ්වේ නව ප්‍රජාතන්ත්‍රවාදී යුගයක් කරා පියමනිමින් සිටින බව නැවත සිය රටට පැමිණි එමර්සන් මනන්ගග්වා (Emmerson Mncngagwa) ප්‍රකාශ කර ඇත.

ඔහු මෙසේ පවසා ඇත්තේ නැවත සිය රටට පැමිණීමෙන් අනතුරුව පාලක ZANU- PF පක්ෂ කාර්යාලයේදී පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය කරමිනි.
මේ වන විට 75 හැවිරිදි වියේ පසුවන එමර්සන් මනන්ගග්වා අද සිම්බාබ්වේ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

හිටපු ජනාධිපති රොබට් මුගාබේට ඉල්ලා අස්වීමට සිදුවූ හමුදාමය මැදිහත්වීමට හේතුව වූයේ පරිනත දේශපාලනඥයකු වූ එමර්සන් මනන්ගග්වාව ඔහු දැරූ උප ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමය.

තම ජීවිත ආරක්ෂාව පතා දකුණු අප්‍රිකාවට පලා ගොස් සිටි මනන්ගග්වා බදාදා යළි සිය රට කරා පැමිණියේය.

සිම්බාබ්වේ කරා යළි පැමිණීමෙන් පසු ඔහු කළ කතාවේදී සිය රටේ වැසියන්ට සහ සහාය දුන් හිතවතුන්ට ස්තුති කිරීමට කතාවෙන් වැඩි කොටසක් වෙන්කර ඇත. සියලු දේශප්‍රේමී සිම්බාබ්වේ ජාතිකයන් එකට එක්ව වැඩ කළ යුතු බව කී ඔහු රටේ ආර්ථික සමෘද්ධිය ගොඩනඟන බවටද ප්‍රතිඥාවක් දී තිබේ.

සිම්බාබ්වේ දේශපාලන පෙරළියට සහාය දුන් ජෙනරාල් කොන්ස්තන්තිනො චිවෙන්ගාට පැසසුම් කළ ඔහු සාමකාමීව සියලු කටයුතු මෙහෙයවීමට හැකි වූ බවද සඳහන් කර තිබේ. තමාව උප ජනාධිපති ධුරයෙන් නෙරපූ ඉකුත් නොවැම්බර් 6දා සිට නැවත සිම්බාබ්වේ කරා පැමිණෙන තෙක් තමා නිරන්තරයෙන් හමුදා ප්‍රධානීන් සමග සන්නිවේදනයේ නිරත වූ බව ද මනන්ගග්වා ප්‍රකාශ කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon