පාසල් හොකී තරගාවලියට එනවා නම් 29 වැනිදාට පෙර ඉල්ලුම් කරන්න

  👤  1632 readers have read this article !
Published by : MB WEB 2017-11-24 14:11:53

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් සංවිධානය කරන වයස අවුරුදු 14න් පහළ බාලක/බාලිකා පාසල් හොකී තරගාවලිය දෙසැම්බර් 8 වැනිදා සිට 10 වැනිදා දක්වා මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කාණ්ඩ තුනක් යටතේ ලීග් ක්‍රමයට මෙම තරගාවලිය පැවැත්වේ.

එම තරගාවලිය සදහා සහභාගි වන පාසල් තම අයැදුම්පත් අනුරුද්ධ හේරත් බණ්ඩාර, ලේකම්, ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය, විජය ජාතික පාසල, මාතලේ යන ලිපිනයට හෝ ඉන්ද්‍රවංශ හේරත්, සභාපති, තරග කමිටුව, හින්දු විදුහල, මාතලේ යන ලිපිනයට එළැඹෙන නොවැම්බර් 29 වන දිනට පෙර යොමු කළ යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon