ලෝක රෑ රැජන කිරුළ දිනාගත් ඉන්දියානු සුරූපිනිය

  👤  1383 readers have read this article !
Published by : MB WEB 2017-11-27 15:32:55

පසුගිය 18දා පැවැති ලෝක රෑ රැජන තරගයේ කිරුළ දිනා ගන්නට වරම් ලැබූ රුවැත්තිය මේ වන විටත් කාගෙත් කතාබහට ලක්වන තරුවක් වී හමාරයි. 2017 වසරේ ලෝක රූ රැජන කිරුළට හිමිකම් කී Manushi Chhillar සුරූපිනිය ඉන්දියානු යුවතියක්. ඒ වගේම ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්.

මේ අනගි අවස්ථාව ඉන්දියාවට දිනා ගන්නට හැකි වුණේ වසර 17කට පසුවයි. මීට පෙර රූ රැජන කිරුළ පැලැඳියේ ප්‍රියංකා චොප්රා. ඒ 2000 වසරේදීය. ඇය අද වන විට හොලිවුඩයද ජයගත් සුරූපිනියක්. 67 වැනි වරටත් සංවිධානය වූ ලෝක රූ රැජන තරගාවලියේදී මනුෂි ලෝක රැජන බවට පත්වූයේ හය වැනි ඉන්දීය රූ රැජන ලෙසයි.

මීට පෙර අයිශ්චර්යා රායි, ප්‍රියංකා චොප්රා සහ තවත් ඉන්දීය රුවැත්තියන් තුන් දෙනෙක්ම දිනා ගත් මේ කිරුළ මෙවර දිනා ගන්නට වරම් ලැබූ මනුෂි සැබවින්ම වාසනාවන්තයි.
20 වැනි වියේ පසුවන Manushi Chhillar වෛද්‍ය සිසුවියක් ලෙස මේ වන විටත් අධ්‍යාපනය ලබන්නේ Bhagat Phool Singh Medical Collegeහිය.

St. Thomas පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය උසස් අධ්‍යාපනය ලබා ගන්නට තෝරා ගත්තේ වෛද්‍ය අංශයයි. මනුෂිගේ මව හා පියාද වෘත්තියෙන් වෛද්‍යවරු වීමත් ඇගේ මේ ආභාසයට හේතු වන්නට ඇති.

අධ්‍යාපනය ලබන්නට ඇය වෛද්‍ය අංශය තෝරා ගත්තත් නර්තනය වැනි කලා අංශවලටත් ඇය තදින්ම ඇලුම් කරනවා. මේ නිසාම ඇය පාසලේ නර්තනය පුහුණු වන අතරේම නාට්‍ය පුහුණුවීම්වලටත් සහභාගි වෙනවා.

උපතින්ම ආකර්ෂණීය රූ සපුවකට හිමිකම් කියන ඇය නිරූපණ අංශයට යොමු වෙමින් 2017 2017 Femina Miss India කිරුළත් දිනා ගෙන තිබෙනවා. මේ තරගයේ Miss Photogenic අංශයද දිනා ගත් මනුෂි 2017 වසරේ Miss World තරගයට ඇරයුම් ලැබුවේ ඉන්දියාව නියෝජනය කරමින්. ලොව පුරා සිටි සුරූපිනියන් පරදවා මනුෂි රූ රැජන කිරුළ දිනා ගත්තේ ආසියාවටද ගෞරවයක් ගෙන දෙමිනි.

ඇයට රූ රැජන කිරුළ පැලඳුවේ 2016 වසරේ කිරුළ හිමි කරගත් සුරූපිනියයි. මෙහි පළමු ස්ථානය මනුෂිටත් දෙවැනි ස්ථානය එංගලන්තය නියෝජනය කරමින් පැමිණි Stephanie Hillටත් හිමි වුණා.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon