ඉන්දියාවම කැළඹු 'පද්මාවතී'

  👤  1324 readers have read this article !
Published by : MB WEB 2017-12-04 17:27:19

රුවින්ද වීරසිංහ

මේ දිනවල මුළු ඉන්දියාවම ආන්දෝලනයට පත් කිරීමට සමත්ව ඇති චිත්‍රපටයක් ලෙසයි 'පද්මාවතී' හඳුන්වාදිය හැක්කේ.

1540 තරම් අෑත ඉතිහාසයේ ඉන්දියාවේ විසූ බව කියැවෙන මාලික් මුහමද් ජයසි නම් කවියාගේ 'පද්මාවත්' නම් වීර කාව්‍ය පදනම් කරගෙනයි මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ.

දීපිකා පදුකෝන්, ශහීඩ් කපූර්, රන්වීර් සිං වැනි බොලිවුඩ් සුපිරි තරු රැසකගේ රංගනයෙන් හැඩ වී ඇති මෙම චිත්‍රපටය 'රාවල් රතන්සිං' නම් ඉන්දීය රජකුගේ බිසවක පිළිබඳ කියැවෙන සිද්ධි දාමයක් ඔස්සේ තමයි ඉදිරියට ගලා යන්නේ.

Sanjay Leela Bhansaliගේ අධ්‍යක්ෂණයක් වන මෙය 18 Viacom 18 Motion Pictuers නිෂ්පාදනයක්. මෙම චිත්‍රපටය තුළින් රාජ්පුත් පෙළපතට සහ පද්මාවතියට අපහාසයක් වී ඇතැයි කියමින් ඉන්දියානුවන් පිරිසක් ගෙන යන දැඩි විරෝධය මධ්‍යයේ මේ වනවිට තිරගත වීම් තාවකාලිකව අත්හිටුවා තිබුණත් මෙය ලොව පුරා ප්‍රදර්ශනය වීම් සිදු වීමට නියමිත තිබුණේ දෙසැම්බර් 1 වැනිදා සිටයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon