පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට

  👤  1162 readers have read this article !
Published by : MB WEB 2017-12-07 12:14:42

ඉෂාරා සිල්වා

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර එම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බැවින් එමඟින් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම අඩුවේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 850ක් පමණ ඊශාන දෙසින් ස්ථාන ගතවී ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් දිවයිනේ ඊශාන දිග සහ නැඟෙනහිර වෙරළට කිලෝමීටර් 300ක් පමණ දුරින් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80-100 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

අද (7දා) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලටත් අම්පාර දිස්ත්‍රික්කයටත් ප්‍රහාරාත්මක සුළං මඳ වශයෙන් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුත් අවදානම් තත්ත්වය පහව යන තෙක් මුහුදු යෑමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon