ඉන්දීය ඩ්‍රෝන යාත්‍රාවක් චීන ගුවන් සීමා ආක්‍රමණය කරමින් කඩා වැටෙයි

  👤  1035 readers have read this article !
Published by : MB WEB 2017-12-08 15:49:49

ඉන්දියානු ඩ්‍රෝන යාත්‍රාවක් "චීන ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී කඩා වැටී ඇති," බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

චීන බටහිර යුද කඳවුරෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ශැන්ග් ෂුයි (Zhang Shuili) එය "මෑත දිනවල" සිදුවූවක් ලෙස සඳහන් කළ නමුත් නිශ්චිත දිනයක් හෝ ස්ථානයක් පිළිබඳව ප්‍රකාශ කළේ නැත.

එමගින් ඉන්දියාව චීනයේ "භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කර තිබෙන" බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

අදාල ඩ්‍රෝන යන්ත්‍රය හමුදා පුහුණු කටයුතු සඳහා යොදා ගත් අවස්ථාවකදී කාර්මික දෝෂයක් හටගෙන තිබෙන බව ඉන්දීය හමුදාව පවසයි.

මෙම ඩ්‍රෝන යන්ත්‍රය ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී ගොස් චීන ගුවන් සීමාවට ඇතුළු වී ඇති බව ඉන්දීය හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක, කර්නල් ආමන් ආනන්ද් මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

ඒ පිළිබඳව වහාම චීන බලධාරීන් දැනුවත් කළ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon