කැලිෆෝනියාවේ ලැව්ගිනි පැතිරෙද්දී විශාල පිරිසක් ඉවත් කෙරෙති

  👤  656 readers have read this article !
Published by : MB WEB 2017-12-08 17:58:47

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව් ගිනි හමුවේ මේ වන විට පදිංචිකරුවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ඉවත් කර තිබේ.

ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයේ නිවාස සිය ගණනක් විනාශ කරමින් පැතිර යන ලැව් ගිනි මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 500ක පමණ පිරිසක් දැඩි පරිශ්‍රමයක යෙදෙති.

ඉවත් කෙරෙන ප්‍රදේශවාසීන්ගේ ප්‍රමාණය තවත් ඉහළ යාමට වූයේ සැන් දියාගෝ හි උතුරු ප්‍රදේශයේ හටගත් පස්වෙනි ගින්නත් සමගිනි.

මේ වනවිට එක් මරණයක් වාර්තාවී ඇති අතර එසේ මියගිය කාන්තාවකගේ සිරුර සොයා ගනු ලැබුවේ වෙන්චුරා හි ගින්නෙන් පිළිස්සී ගිය ප්‍රදේශයකදීය.

එහෙත් වෙන්චුරා කවුන්ටි ස්ටාර් පුවත්පතට ප්‍රකාශයක් කළ නිලධාරියකු පවසා තිබුනේ එම මරණය ඔජායි නම් වූ නගරයේ රිය අනතුරක් හේතුවෙන් වූ දෙයක් විය හැකි අතර ගින්න ඊට හේතුවිණි දැයි පැහැදිලි නැති බවය.

බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 07) සවස් වනවිට කැලිෆෝර්නියා ගිනි නිවීම් සේවය පැවසුවේ ගිනි ගැනීම් හේතුවෙන් ප්‍රදේශවාසීන් 189,000ක් ඉවත් කිරීමට සිදුවූ බවකි.

අලුතින් මතුවූ -ලයිලැක් ෆයර්- නමින් හැඳින්වෙන ගින්න අක්කර 2,500ක් (හෙක්ටයාර 1,000) පුරා පැතිර ගොස් ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රාන්ත ගිනි නිවීම් සේවා බලධාරීහු පැවසූහ.

ප්‍රදේශය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කැලිෆෝනියා ආණ්ඩුකාර ජෙරී බ්‍රවුන් පියවර ගත්තේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon