හෙට පැය 15 ක් කොළඹට වතුර නෑ

  👤  658 readers have read this article !
Published by : MB WEB 2017-12-08 17:04:50

අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් රාජගිරිය ප්‍රදේශයේ හෙට(09) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර,බණ්ඩාරනායකපුර හා රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල මෙම ජල කප්පාදුව සිදු වෙනු ඇත.

හෙට(09) පස්වරු 2 සිට පසුදින එනම් දෙසැම්බර් මස 10 වන ඉරිදා අළුයම 5 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon