නීල හරිත අයවැය - ඡන්දය විමසීම අදයි

  👤  1641 readers have read this article !
Published by : MB WEB 2017-12-09 10:12:33

යහපාලන රජයේ නීල හරිත අයවැය 2018 තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසුම අද (09) දිනයේ පැවැත්වීමට නියමිතය.

විසර්ජන පනත් කෙටුම්පතට අදාළව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදය අද දිනයේ පැවැත්වෙයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නොවැම්බර් 09 දින අයවැය කතාව සභාවට ඉදිරිපත් කළේ ය.

නොවැම්බර් 10 දින සිට 17 වැනි දක්වා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි. 17 වැනි දින සිට දෙසැම්බර් 09 දින දක්වා අයවැය කාරක සභා අවස්ථාව යටතේ අමාත්‍යාංශවලට අදාළව වැයශීර්ෂ විවාදය පැවැත්වෙයි.

විසර්ජන පනත් කෙටුම්පතේ තෙවැනිවර කියවීමේ ඡන්දය විමසීම අද ප.ව. 5.00ට සිදු කිරීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon