දුම්රිය වර්ජනය දිගටම

  👤  826 readers have read this article !
Published by : MB WEB 2017-12-11 10:09:16

උපතිස්ස පෙරේරා

ඉකුත් 6 මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය රියැදුරන්ගේ වැඩ වර්ජන සිවුවැනි දිනයටත් ඊයේ (10දා) අඛණ්ඩව ක්‍රියාත්මක විය. පෙරේදා සිට දුම්රිය ස්ථානාධිපතිවරු හා දුම්රිය නියාමකයෝ වර්ජනයට එක්ව සිටිති.

ජනාධිපතිවරයා විසින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා සේවයෙන් ඉවත් කරන බව සඳහන් කළද ඊයේ සවස් වන තුරුත් වැඩ වර්ජනය අත්හැරීමේ තීරණයකට වර්ජක වෘත්තීය සමිති එළැඹ සිටියේ නැත.

වර්ජිත දුම්රිය රියැදුරන් ඇතුළු දුම්රිය සේවකයන් අද (11දා) දිනයේ සේවයට වාර්තා කරනු ඇතැයි බලාපොරොන්තු වන බවත් ඊයේ දිනයේ දුම්රිය ගමන්වාර 12ක් ධාවනය කළ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. මහානාම අබේවික්‍රම මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේය.

වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මඟහැරීම සඳහා සෑම ප්‍රධාන දුම්රිය ස්ථානයක සිට ශ්‍රී ලංගම බස් රථ යොදවා ඇතැයි සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.

වර්ජනය හේතුවෙන් පාර්සල් සේවා ප්‍රවාහනය, තැපැල් සේවා, ඉන්ධන ප්‍රවාහනයටද බාධා එල්ල වී ඇතැයිද අනාවරණය වෙයි.

වර්ජනය දිගටම පැවැතියහොත් ලංගම බස් සේවා හෝ වෙනත් විකල්ප මාර්ග යොදා ගැනීමට කල් ඇතිව වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට කටයුතු කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හෙට ඇරඹෙන අ.පො.ස. (සාපෙ) විභාගයට පෙනී සිටින සිසු සිසුවියෝ මවුපියන්ගෙන් ඉල්ලීමක් කරති.

ඇතැම් දුම්රිය ස්ථාන ඉබි යතුරු දමා වසා මුද්‍රා තබා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon