ධීවරයන්ගේ පැමිණීම කල්යයි

  👤  786 readers have read this article !
Published by : MB WEB 2017-12-11 15:17:05

මිරිස්සෙන් මුහුදු ගොස් කුණාටුවකට හසුව බෝට්ටුව පෙරළී අරාබි මුහුදේදී ඉරාන නැවක් මඟින් බේරාගත් ශ්‍රී ලාංකික ධීවරයන් පස්දෙනා ශ්‍රී ලංකාවට ආපසු එවීම තවත් දෙදිනක් පමණ පමා විය හැකි බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය මොහොමඩ් ෂරීෆ් අනීස් මහතා 'මව්බිම'ට පැවසීය.

ඔවුන් පෙරේදා (09) ශ්‍රී ලංකාවට එවීමට කටයුතු සූදානම් කරමින් පැවතුණද ඉරානයේ ආගමන විගමන අංශවල අවසරය ලැබෙන තෙක් මෙම පමාව සිදුවන බවද තානාපතිවරයා සඳහන් කළේය.

ඊට අදාළ සියලු කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද සඳහන් කළ තානාපතිවරයා අදාළ අවසරය ලද වහාම එම ධීවරයන් පස්දෙනා ශ්‍රී ලංකාවට පිටත් කර එවන බවද තවදුරටත් ප්‍රකාශ කළේය.

මිරිස්සේ සිට පසුගිය ඔක්තෝබර් 10 වැනිදා ධීවර රැකියාවට ගිය මිරිස්සේ බදුගොඩ කේ.එච්. සුගත් හා ඔහුගේ සොහොයුරු කේ.එච්. අජිත් ප්‍රියන්ත, තලල්ල, කොස්ගලහේනේ ඉන්දික ප්‍රභාත් කුමාර හා නුවන් මධුසංක සොහොයුරන් හා කඹුරුගමුව තල්අරඹේ දිනේෂ් ප්‍රියන්ත යන ධීවරයන් මහ මුහුද මැද අනතුරට පත්ව සිටියදී ඉරාන නැවක් මඟින් බේරාගෙන තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon