කෝලි විවාහයට සූදානම්

  👤  828 readers have read this article !
Published by : MB WEB 2017-12-11 16:51:46

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුශ්කා ෂර්මා අතර විවාහය දෙසැම්බර් 12 හෝ දෙසැම්බර් 18 යන දිනවලින් එකක ඉතාලියේ මිලාන් නුවරදී පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විරාත් කෝලිගේ සමීපතම නෑදෑ හිතමිතුරන් කිහිපදෙනකු සමඟ සචින් තෙන්ඩුල්කාර්, යුවරාජ් සිං, ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, ආදිත්‍ය චොප්රා සහ මනීෂා ෂර්මා මෙම උත්සවයට සහභාගී වීම සඳහා ආරාධනා ලැබ ඇති බවයි. තවද විරාත් කෝලිගේ කුඩා කල පුහුණුකරු වූ රාජ්කුමාර් ෂර්මා හටද මෙම උත්සවය සඳහා ආරාධනා කර ඇති බව වාර්තා වේ.

මිලාන් නුවර ටූස්කැනි ප්‍රදේශයේ විවාහ උත්සවය පවත්වන ස්ථානය අවට දැඩි ආරක්ෂක විධි විධාන තරකොට ඇති බවත් සාමාන්‍ය පන්ජාබ් විවාහ චාරිත්‍ර අනුව මෙම විවාහය සිදු කරනු ලබන බවත් වාර්තා වන අතර වෘත්තීයමය භන්ග්‍රා නැටුම් කණ්ඩායමක්ද එම ප්‍රදේශයට පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර එළැඹෙන දෙසැම්බර් මස 26 වැනිදා ඉන්දිවේ මුම්බායි හිදී විශේෂ උත්සවයක් පැවැත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි කටයුතු සංවිධානය කර තිබේ. ඒ අනුව එම උත්සවය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන්, බොලිවුඩ් නළු නිළියන් සහ ඉන්දීය දේශපාලන නියෝජිතයන්ට ද ආරාධනා කෙරෙනු ඇති බවද වාර්තා වේ.

සටහන - ගමිත දෙහිපිටිය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon