කෝලි ඉතාලියේදී දෙවැනි ඉනිම අරඹයි

  👤  1714 readers have read this article !
Published by : MB WEB 2017-12-13 16:21:55

මාස ගණනක් පුරාවට සිරස්තල මවමින් පැතිරුණු පුවතක නිමාව සටහන් කරමින් පසුගියදා(11දා) ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා සමඟ යුග දිවියට එළැඹුණු අතර විවාහ මංගලෝත්සවය ඉතාලියේදී පැවැත්විණි.

ජාත්‍යන්තර එක්දින පිතිකරණ ශේ‍ර්ණිගත කිරීම් හි පළමු තැන හා ටෙස්ට් පිතිකරණ ශේ්‍රණිගත කිරීම්වල 2වන ස්ථානය හිමිකරගෙන සිටින විරාත් කෝලි හා බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා අතර 2013 වසරේදී ඇතිවූ ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා වර්ධනය වී ඇති අතර මොවුන් දෙපළ පාපන්දු තරගයකදී පළමු වරට පෙම්වතුන් ලෙස පෙනී සිට ඇත.

මෙම විවාහ මංගලෝත්සවයට මොවුන් දෙපළගේ පවුල්වල සමීපතම නෑදෑයන් සහ හිතමිතුරන් සහභාගි වී ඇති අතර දෙසැම්බර් 21වන දා නව දිල්ලියේදී ඥාතීන් වෙනුවෙන්ද දෙසැම්බර් 26දා මුම්බායි හිදී ක්‍රිකට් ක්‍රීඩකයන් සහ බොලිවුඩ් නළු නිළියන් වෙනුවෙන්ද පිළිගැනීමේ උත්සව පැවැත්වෙන බවට වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon