ජැකලින් ආදර කතාවලින් පැනලා ගිය හැටි

  👤  2307 readers have read this article !
Published by : MB WEB 2017-12-14 16:11:54

"මට පෙම්වතෙක් නැති නිසා මම තාම තනිකඩයි" මෙහෙම කියන්නේ වෙන කවුරුත් නෙවෙයි ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට පය තැබූ සුරූපිනිය.

ඉන්දීය මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජැකලින් මේ බව ප්‍රකාශ කරලා තිබුණේ පසුගියදාක. මාධ්‍යවේදියා "මේ ප්‍රශ්නයට නම් පිළිතුරු දෙන එකක් නැහැ" කියන අවිශ්වාසයෙන් තමයි ඇයි ඔබ තවමත් තනිකඩ කියන ප්‍රශ්නය නඟලා තිබුණේ. මහ හයියෙන් සිනාසුණු ඇය "පෙම්වතෙක් නැති නිසා මම තවමත් තනිකඩයි කියලා පිළිතුරු දීලා තිබුණා.

සමහර විට දිග නිවාඩුවක් ලැබෙන කාලෙක අම්මා කරදර කළොත් ආදරයක් ගැන හිතා බලනවා කියලත් ජැකලින් සම්මුඛ සාකච්ඡාවේදී කියලා තිබුණා. ජැකලින් ගැන ක්ෂේත්‍රය පුරාම පැතිරිලා යන පැණි බේරෙන ආදර කතා ගැනත් මාධ්‍යවේදියා ප්‍රශ්නයට නඟලා තිබුණා.

"ඒ හැම එකක්ම මම ප්‍රතික්ෂේප කරනවා. මම කවදාවත් ක්ෂේත්‍රයේ මාත් එක්ක රඟපාන කෙනෙක් එක්ක පෙම් හමුවකට නම් යන්නේ නැහැ. මාධ්‍ය මඟින් තමයි ඇහැට ලස්සනට පේන තරුණ නළු නිළියෝ එකට එකතු කරලා කතා පතුරුවන්නේ".

ඇය කියලා තිබුණේ නම් එහෙම. කතාවට එහෙම කියලා තිබ්බට පසුගිය කාලේ ජැකලින් සහ නළුවෝ කිහිපදෙනෙක් අතර තිබුණු රස බේරෙන පෙම් හබ ගැන බොහෝදෙනා එක එක කතා කියලා තිබුණා මතක ඇතිනේ.
සවනි

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon