චීන තරුණ තරුණියන් 100කගේ විවාහ මංගල්‍ය කොළඹදී මහ ඉහළින්

  👤  1568 readers have read this article !
Published by : MB WEB 2017-12-18 16:25:55

පහන් විජේසේකර

චීන ජාතික තරුණ තරුණියන් සිය දෙනකු යුග දිවියට පත්වන විවාහ මංගල උත්සවයක් කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී ඊයේ (17දා) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ශ්‍රී ලංකා - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට හැට වසරක් පිරීම නිමිත්තෙන් පැවැති මෙම මහා මංගල උත්සවය ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන්ට අනුව සිදු කෙරිණි.

මංගල රථවලින් පැමිණි චීන ජාතික යුවතිපති යුවතිපතිනියෝ මඟුල් බෙර වාදන මධ්‍යයේ අලංකාරවත් ලෙස පිළිගනු ලැබූහ.

පෝරු මස්තකානුරූඪ කිරීම, මංගල මුදු හුවමාරු කිරීම, අතපැන් වත්කිරීම, අෂ්ටක සජ්ඣායනා කිරීම මෙන්ම ජයමංගල ගායනා කිරීම ආදිය සිදු කරමින් හෙළ සිරිතට අනුව චීන ජාතික තරුණ තරුණියන්ගේ විවාහ මංගල්‍යය සිදු කෙරිණි.

සංචාරක කටයුතු අමාත්‍යාංශය, මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කොළඹ චීන තානාපති කාර්යාලය ඇතුළු ආයතන රැසක් මඟින් සංවිධානය කර තිබූ මෙම විවාහ මංගලෝත්සවය දේශීය හා චීන සංස්කෘතිකාංග රැසකින් විචිත්‍රවත් විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon