‘Tiger Zinda Hai’ ළඟදීම රිදී තිරයට

  👤  1674 readers have read this article !
Published by : MB WEB 2017-12-19 16:52:53

රුවින්ද වීරසිංහ

බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට වෙනුවෙන් ඇලුම් කරන ලොව පුරා සිනමාලෝලීන් බොහෝ දෙනෙක් රිදී තිරයට පැමිණෙන තෙක් ඇඟිලි ගණිමින් මඟ බලන් සිටින චිත්‍රපටයක් තමයි 'Tiger Zinda Hai' කියන්නේ.

2012 වර්ෂයේ නිර්මාණය වූ 'EK Tha Tiger' චිත්‍රපටයෙන් පසු නිර්මාණය වූ මෙම නවතම චිත්‍රපටය 'Tiger' චිත්‍රපට මාලාවේ දෙවැනි දිග හැරුම ලෙසයි හඳුන්වාදිය හැක්කේ.

'Tiger' පළමු චිත්‍රපටයේ වගේම සුපුරුදු පරිදි බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන්ගේ සහ සුරූපී නිළි කත්‍රිනා කයිෆ්ගේ ප්‍රධාන රංගනයෙන් මෙය හැඩ වී තිබෙනවා.

මෙම චිත්‍රපටය ISIL විසින් 2014 වර්ෂයේ පැහැරගත් ඉන්දීය හෙදියන් පිරිසක් එම ග්‍රහණයෙන් මුදා ගැනීමේ උත්සාහයක් පාදක කරගනිමින් තමයි ඉදිරියට ගලා යන්නේ.

Ali Abbas Zafarගේ අධ්‍යක්ෂණයක් හා Aditya Chopraගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය රිදී තිරයට පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 22 වැනිදා සිටයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon